සංගමයේ ව්‍යවස්ථාව

පොදු අරමුදල සුභසාධක සංගමය
ව්‍යවස්ථා මාලාව 

1.  නාමය:  පොදු අරමුදල සුභසාධක සංගමය

2. ආරම්භක දිනය:  2019 අප්‍රේල් මස 28 දින

3.  බල ප්‍රදේශය:  කදාන වත්තල ප්‍රාදේශිකය

4. පරමාර්ථය:  අපගේ ප්‍රාදේශිය තුල පොදු සුභසාධක කටයුතු හදුනාගෙන ඒ සඳහා සාමුහිකව ඉදිරිපත්වීම සහ අදාල කාර්යයන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම.
  1. මරණ හා විපත්තිදායක අවස්ථාවලදී උපකාර කිරීම
  2. සාමාජිකයන්ගේ සුභසාධන අවශ්‍යතා හදුනාගෙන ඒ සදහා අවශ්‍ය පියවර ගැනීම
5. නිලධාරී මණ්ඩලය:
  • සභාපති
  • ලේකම්
  • භාණ්ඩාගාරික
  • ප්‍රධාන සංවිධායක
  • ප්‍රධාන අනුශාසක
  • ගණන් පරීක්ෂක
  • කමිටු සාමාජිකයින්
6. පවත්වා ගතයුතු පොත්පත් හා ලිපි ලේඛණ:
  • මහ සභා වාර්ථා පොත
  • අයවැය වාර්ථා පොත
  • සාමාජික නාම ලේඛනය
  • මුදල් නිකුත්කිරීමේ කුවිතාන්සි පොත (ලදුපොත)
  • බැංකු පාස්පොත
  • ලිපි පුවරු පත (ලෙටර් හෙඩ්)
  • නිල මුද්‍රාව
7. නිලධාරීන් පත් කිරීම:
  1. සංවත්සර මහා සභා රුස්වීමකදී සාමාජිකත්වයේ යෝජනා සහ ස්ථීරත්වයෙන් නිලධාරි මණ්ඩලය පත් කර ගත යුතුය.
  2. නිල මණඩලයේ නිළ කාලය වසර 2කට සීමාවිය යුතුය.
  3. එකම නිලයක් පිට පිට වසර 4කට වඩා දැරිය නොහැකි විය යුතුය.
  4. නිලධාරි මණ්ඩලයේ යම් පුරප්පාඩුවක් ඇති වුවහොත් සභාවාරය තුළ යොජනා් ස්ථීරත්වය මත වෙන නිලධාරියෙකු පත් කළ හැක.
  5. යම් නිලධාරියෙකු විසින් සමිතියට බලපෑමක්, අපකීර්තියක් වන පරිදී විනය විරෝධි ක්‍රියාවක් හෝ   ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් සිදුකර ඇත්නම් ඒ පිළිබදව පරීක්ෂණයකින් අනතුරුව එම චෝදනා සනාත වුවහොත් තමන් දැරූ නිලයෙන් ඉවත් කිරීමට අනෙකුත් නිලධාරීන්ට ව්‍යවස්ථාවෙන් ඉඩ සලසනු ඇත.
  6. නිලධාරීන්ගේ බලතල අවභාවිතයේ දී එම නිලය නිසි පරික්ෂාවකින් අනතුරුව මහ සභා රැස්වීමකදී අවලංගු කරනු ඇත.
8. රැස්වීම් පැවැත්වීම:
  1. වසරකට දෙවරක් පැවැත්වීමට ව්‍යවස්ථාවෙන් අනිවාර්්‍යය කෙරේ.
  2. සමිතිය පැවැත්වීමට ඝන පූර්ණය මුළු සාමාජික සංඛ්‍යාවෙන් 2රැ3 විය යුතුය.
  3. නිළධාරි මන්ඩලයේ රැස්වීම මසකට වරක් පැවැත්විය යුතුය.
9. නිලධාරී මණ්ඩලය වගකීම් හා යුතුකම්:

1. ගරු සභාපති
  • සමිතිය ව්‍යවස්ථානුකූලව නිසි මගට යොමු කිරීම. 
  • සභාවේ මුලසුන ගෙන වැඩ කටයුතු කිරීම. 
  • රැස්වීම් සංවිධානය කිරීම. 
  • ක්‍රියාකාරීත්වය පිළිබද විමසිලිමත්වීම. 
2. ගරු ලේකම්
  • කාරක සභා මහ සභා රැස්වීම් කැදවීම.
  • රැස්වීම් වාර්ථා හා ලිපි ලේඛන පවත්වාගෙන යාම.
  • සාමාජික නාම ලේඛනය පවත්වාගෙන යාම.
  • කාරක සභා සහ මහ සභා තීරණ ක්‍රියාවට නැංවීම.
  • ලැඛෙන ලිපි පිලිබදව කඩිනමින් අවශ්‍ය කටයුතු කිරීම.
  • සමිතිය සතු සියලූ ලිපි ලේඛන ආරක්ෂා කිරීම.
3. ගරු භාණ්ඩාගාරික
  • සාමාජික මුදල් එකතු කිරීම.
  • සියලූම ලැබීම් සහ ගෙවීම් සම්බන්ධව කුවිතාන්සි නිකුත් කිරීම සහ ලබා ගැනීම.
  • ව්‍යවස්ථානුකූලව මුදල් බැංකු ගත කිරීම.
  • අයවැය ලේඛනය පවත්වාගෙන යාම.
  • සෑම මහා සභා රැස්වීමකටම අයවැය වාර්ථා ඉදිරිපත් කිරීම.
  • සංවත්සර රැස්වීමට වාර්ෂික අයවැය වාර්ථාව ඉදිරිපත් කිරීම.
4. ගරු ප්‍රධාන සංවිධායක
  • සෑම කාරක සභා මහ සභා සහ හදිසි රැස්වීම් ගැන නිලධාරීන් හා සමාජිකයින් දැනුවත් කිරීම.
  • යම් සාමාජිකයෙකුගේ අවමංග්‍යයක් දැනගත් විගස නිලධාරීන් සහ සාමාජිකයින් දැනුවත් කිරීම සහ එම අවස්ථා වලට සහභාගීකරවීම.
  • සමිතියේ සෑම අවස්ථාවකදීම සංවිධාන කටයුතු මෙහෙයවීම. 
  • සියළුම රැස්වීම් වලදී ලේකම්තුමාට සහ භාන්ඩාගාරික මහතාට සහය දැක්වීම.
5. ගරු අනුශාසක
  • සමිතිය මගින් ගනු ලබන තීරණ හා ක්‍රියාමාර්ග පිළිබද අනුශාසනා කටයුතු සිදු කිරීම.
  • මුදල් ගෙවීම් වළදී සහ යම් තීරණවලට එළඹීමේදී ගරු අනුශාසක තුමාගේ අනුමැතිය අත්‍යාවශ්‍යවේ.
6. ගරු ගණන් පරීක්ෂක
  • සමිතියේ මුදල්මය පොත්, ගිණුම් වාර්ථා පරික්ෂා කර නිවැරදිතාවය සහතික කිරීම.
  • සියලූම අයවැය වාර්ථා පරීක්ෂා කර නිවැරදිතාවය පරීක්ෂා කර සහතික කිරීම.
10. මුදල් මණ්ඩලය:
  1. සමිතියේ මුදල් මණ්ඩලය ලෙස සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන තිදෙනා ඇතුලත් වේ.
  2. බැංකු ගණුදෙනු වලදී භාණ්ඩාගාරික සහ සභාපති හෝ ලේකම් යන දෙදෙනෙකු ගේ අත්සන සහිතවීම අනිවාර්ය වේ.
  3. හදිසි අවශ්‍යතාවන් සඳහා වියදම් දැරීමට රුපියල් 15,000.00 ක මුදලක් භාණ්ඩාගාරික  භාරයේ තබා ගැනීමට මහ සභාවෙන් අනුමැතිය ලැබේ.
11. සාමාජිකත්වය:
  1. බල ප්‍රදේශය තුළ ස්තීර පදිංචිකරුවන් විය යුතුය.
  2. සාමාජිකත්වය සඳහා ඉල්ලූම් පත්‍රය නිසි පරිදී පුරවා ඇතුල්වීමේ ගාස්තුව වශයෙන් රුපියල් දහසක් (1,000/-) ක් සහ සාමාජික මුදල් වශයෙන් මාසිකව රුපියල් සීයයක් (100.00) ක්ද සමඟ ඉල්ලූම් කල යුතුය (ව්‍යවස්ථා සංශෝධනයකින් වෙනස් කිරීමට යටත්ව).
  3. මහ සභා රැස්වීමට සියලූම සාමාජිකයන්ගේ පැමිණීම අනිවාර්ය වේ.
  4. සෑම මසකම 25වන දිනට ප්‍රථම සාමාජික මුදල් ගෙවීම අනිවාර්ය වේ.
12. සාමාජිකත්වය අහිමිවීම:
  1. නිසි දැනුම්දීමකින් තොරව මාස තුනකට සාමාජික මුදල් නොගෙවීම.
  2. මාසික මහ සභා රැස්වීම් වාර තුනක් එක දිගට සහභාගි නොවීම.
  3. සමිතියේ ව්‍යවස්ථාවන්ට පටහැනිව කටයුතු කිරීම, 
13. මුදල් ආපසු නොගෙවීම:

* මොනයම් හේතුවක් නිසා හෝ සාමාජිකත්වය අහිමිවීම සහ ඉවත්වීම නිසා ඔහු හෝ ඇය විසින් සමිතිය වෙත ගෙවන ලද සාමාජික හෝ වෙනත් කිසිම මුදලක් ආපසු ගෙවනු නොලැබේ.

14. ප්‍රතිලාභ ලැබීමේ හිමිකම:
  1. ප්‍රතිලාභ ලැබීමට හිමිකම් කියන්නේ සාමජිකත්වය මාස 3ක් කල් පිරිමෙන් පසුවය.
  2. සාමාජිකයාගේ මරණයකදී සාමාජිකයාගේ පවුලේ සාමාජිකයන් හට රු. 15,000/- ක ප්‍රතිලාභයක් හිමිවේ.
  3. සාමාජිකයාගේ ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ මව හෝ පියාගේ මරණයකදී රු. 10,000/- ප්‍රතිලාභයක් හිමිවේ.
  4. සමාජිකයා සමග ජීවත්වන යැපෙන්නෙකුගේ මරණයකදී 10,000/- ප්‍රතිලාභයක් හිමිවේ. 
  5. ඉහත හිමිකම් ලබන්නන්, සමාජිකයා / සාමාජිකාව විසින් ඉල්ලූම් පතෙහි සඳහන් කර තිබිය යුතු අතර එසේ නොමැති වුවහොත් අදාල ප්‍රතිලාබ නොලැබේ.
  6. එකම පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුගේ මව හෝ පියා නැතිවු විට ප්‍රථ’ලාභ මුදල් 50% - 50% වශයෙන් ගෙවනු ලැබේ.
  7. සමාජිකයාගේ / සාමාජිකාවගේ මුදල් අවශ්‍යතාවකදී, සාමාජික අවසරය මත කොන්දේසි සහිතව ණය මුදලක් ලබාදීම.
15. පරිපාලන කමිටු සාමාජිකයින් සදහා නාම යෝජනා කිරීමේදී ඔවුන් සදහා තිබිය යුතු සුදුසුකම්:
  1. සභාපති තනතුර සදහා නාම යෝජනා ඉදිරිපත් කල හැක්කේ පරිපාලන කමිටු සාමාජිකත්වය අවුරුද්ක කාල සීමාවක් දරණ ලද පුද්ගලයෙකුට පමණි.
  2. පරිපාලන කමිටු සාමාජිකත්වය ප්‍රධානය කිරීමේදී ප්‍රධාන අනුශාසකතුමාගේ අනුමැතිය ලබා තිබිම අනිවාර්්‍යය වේ.
  3. පරිපාලන කමිටු සාමාජිකත්වය සදහා පත්කල හැක්කේ කදාන / වත්තල ප්‍රාදේශිය තුල ස්ථීර පදිංචිය ඇති සාමාජික සාමාජිකයින්ට පමණි.
  4.  ප්‍රධාන අනුශාසක ධූරය ජා-ඇල කල්වරි යාච්ඥා ගෘහය දේවස්ථානයේ, කදාන වත්තල ප්‍රාදේශිය සභාපාලකතුමා වෙත යෝජනා සම්මත වීමකින් තොරව පැවරේ.
16. පොදු කරුණු:
  1. සියලූ නිලධාරීන් සාමුහිකව වගකීම් රැකිය යුතුය.
  2. වාද විවාද සියල්ලම රැස්වීම් වලට පමණක් සීමා කළ යුතුය.
  3. මහ සභාව විසින් ගනු ලබන තීරණ යටතේ ක්‍රියාත්මකවීමට සියලූම සාමාජික සාමාජිකාවන් බැදී සිටියි.
17. ව්‍යවස්ථා සංශෝධනය:

ව්‍යවස්ථා සංශෝධනය කළ යුත්තේ ද්විවාර්ෂික සංවත්සර මහා සභාවකදී පමණයි. යම් සාමාජිකයෙකුට හෝ සාමාජිකාවකට ව්‍යවස්ථා සංශෝධනටක් අවශ්‍ය වුවහොත් මහා සභා රැස්වීමකට සතියකට පෙර ලිඛිතව එය ලේකම්ට ඉදිරිපත් කළ යුතුය.

පොදු අරමුදල සුභසාධක සංගමය වශයෙන් ආරම්භ කරන ලද ඉහත ව්‍යවස්ථා මාලාව යටතේ ක්‍රියාත්මක වන මෙම සංගමය තුලින් අපගේ එඩේරාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචි පණිවුඩයේ එක් අංගයක් වු සමාජ සුභසාධනය මුල් කරගත් සහනය සමාදානයෙන් පිරි යහපත් කිතුණු සමාජයක් ගොඩ නැගීම මූලික අරමුණ වන අතර සියළු සාමාජිකයින් මහ සභාවේ තීරණය අවසාන තීරණය ලෙස භාරගැනීමට බැදී සිටියි.